Diospyros Ebenum
සුඛෝපභෝගී දැව ලබාදෙන ශාකයකි. වියළි කලාපයේත්, අන්තර්මැදි කලාපයේත් හොඳින් වැඩේ. තෙත් කලාපයේ පවා රෝපණය කළ හැකිය. ශාකයක් මේරීමට වසර 60කට වැඩි කාලයක් ගත වේ. පාචනය නැවත්වීමට කලුවර කුඩා පොත්තක් ගම්මිරිස් ඇට කිහිපයක් සමග කොටා අත් බෙහෙතක් සේ ලබා දේ. කැඩුම් බිදුම් සඳහා කලුවර ලී කුඩු යොදා ගන්නා ගොවි මහතුන් මොනරාගල , පොළොන්නරුව ප්‍රදේශ වල සිටිති. වඳවීමට ආසන්න ශාකයකි.