Tree Details
Home / Tree Details

කුඩු දවුල
Neolitsea cassia

කුඩු දවුල
Neolitsea cassia
ඒක දේශ ශාකයකි. කදුකර වනයෙන් හා වැසි වනාන්තරවල හමුවේ. ඔසු ලෙසට පත්ර ගනී. දුර්ලභ නිසා අලංකාරයට වවයි. ආස්මී කැව්ම් සෑදීමේදී කුඩුදාල කොල වලින් නාන සාදගනී. මෙවැනි ප්රදේශවල ඒ සඳහා ගන්නේ දවුල් කුරුදු පත්රයි.

ගංසූරිය
Thespesia populnea soland

ගංසූරිය
Thespesia populnea soland
වද පවුලට අයත් ශාකයකි. ආසියාතික රටවලට සීමා වෙයි. පොතු කොල සහ ඇට ඔසු පිණිස ගනී. ගංසූරිය කොල ආහාර සකස් කිරීමේදී ඇසුරුම් ලෙස භාවිතා වෙයි. හැලප සෑදීමට , රොටි සෑදීමට වෙරළ බඩ සුලභ ශාකයක් වූවත් රට ඇතුළට වීමේදී දුර්ලභ වේ

දියනා
Mesua thwaitesii

දියනා
Mesua thwaitesii
වැසි වනාන්තර වලට පමණක් සීමා වූ ශාකයකි. අප රටට ආවේණිකයි. දැව වශයෙන් ඉහළ වටිනාකමක් පවතී. ඒ නිසාම තර්ජනයට පත් වූ ශාක විශේෂයකි. ජීවීන්ගේ අදුරු නිවස යනුවෙන් අනුවර්තනාමයක් දිය නා ශාකයට හිමි වේ

කුරුම්බෑටිය (කුරුටි දඹ)
Syzygium rubicundum

කුරුම්බෑටිය (කුරුටි දඹ)
Syzygium rubicundum
කුරුම්බෑටිය යන නාමය ජනවහරට හුරු නාමයයි. කූරටි දඹ ගත්වහරේ එයි. වැසි වනාන්තර වල වනාන්තර ආශ්රිතව සුලභ ශාකයකි. දැව සඳහා ගැනීම නිසා තර්ජනයට පත් වේ. කුරුල්ලන්ගේ ප්රධාන ආහාරයක් ලෙස මෙම ශාකයේ ඉදුණු ගෙඩි ගැනේ

කලුවර
Diospyros Ebenum

කලුවර
Diospyros Ebenum
සුඛෝපභෝගී දැව ලබාදෙන ශාකයකි.
වියළි කලාපයේත්, අන්තර්මැදි කලාපයේත් හොඳින් වැඩේ. තෙත් කලාපයේ පවා රෝපණය කළ හැකිය. ශාකයක් මේරීමට වසර 60කට වැඩි කාලයක් ගත වේ. පාචනය නැවත්වීමට කලුවර කුඩා පොත්තක් ගම්මිරිස් ඇට කිහිපයක් සමග කොටා අත් බෙහෙතක් සේ ලබා දේ. කැඩුම් බිදුම් සඳහා කලුවර ලී කුඩු යොදා ගන්නා ගොවි මහතුන් මොනරාගල , පොළොන්නරුව ප්රදේශ වල සිටිති. වඳවීමට ආසන්න ශාකයකි.