අහරට පැළයක්
කුසගින්න නැති රටක් වෙනුවෙන් එක් පැළයක් රෝපණය කරමු.
දේශීය පලතුරු වර්ග සංරක්ෂණය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ අනාගත ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ITN සහ PLANET PROTECTORS එක්ව ක්‍රියාත්මක කරන ජාතික ව්‍යාපෘතියකි.
අහරට පැළයක් ගැන
“අහරට පැළයක්” යනු දේශීය පලතුරු වර්ග රැකගනිමින් පරිසරය සුරක්ෂිත කිරීමටත්, අනාගත පරපුර සඳහා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් දියත් කරන ලද ජාතික ව්‍යාපාරයකි.
අපගේ අරමුණු
🌱 දේශීය පලතුරු වර්ග සංරක්ෂණය
🌿 ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම
🍎 අනාගත ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම
🌍 දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම
🏙️ නාගරික හරිතකරණය ප්‍රවර්ධනය කිරීම

(ජූනි 05 වන දින – ITN පරිශ්‍රයේදී)
මෙම සුවිශේෂී ජාතික ව්‍යාපෘතියේ මූලාරම්භක පියවර ස්වාධීන රූපවාහිනී ආයතනයේ සංවත්සරය යෙදෙන ජූනි මස 05 වන දින ආයතන පරිශ්‍රයේදී සිදු කිරීමට සැලසුම් කර ඇත. එදිනට අප රට තුළ බහුලව තිබූ නමුත් වර්තමානයේ දුර්ලභ වෙමින් පවතින පහත සඳහන් දේශීය පලතුරු ගස් වර්ගවලින් පැළ 100 ක් පමණ පරිශ්‍රය තුළ රෝපණය කෙරේ.
මෙම පරිශ්‍රය මෙම ගස් රෝපණය කර ආරක්ෂිතව නඩත්තු කිරීමට සුදුසු ඉඩකඩ සහිත මෙන්ම ආරක්ෂිත පරිසරයකි. එමෙන්ම, ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත විවිධ වැඩසටහන් සඳහා පැමිණෙන කුඩා දරුවන් ඇතුළු මහජනතාවට මෙම දුර්ලභ දේශීය ගස් සජීවීව දැකබලා ගැනීමටත්, ඒවා පිළිබඳ අධ්‍යාපනික අවබෝධයක් ලබාගැනීමටත් මෙය සුවිශේෂී අවස්ථාවක් සැලසේ.
- 2026 ජූනි 05 | ITN පරිශ්‍රය
රෝපණය කිරීමට නියමිත දේශීය පලතුරු වර්ග

ගල් සියඹලා වෘක්ෂය (Dialium ovoideum)
Read more
තිඹිරි වෘක්ෂය (Diospyros malabarica)
Read more
පලු වෘක්ෂය (Manilkara hexandra)
Read more
පලු වෘක්ෂය (Manilkara hexandra)
Read more
නාරං වෘක්ෂය (Citrus reticulata)
Read more
දෙහි ශාකය (Citrus aurantiifolia)
Read more
පේර වෘක්ෂය (Psidium guajava)
Read more
අලිගැට පේර වෘක්ෂය (Persea americana)
Read more
පැණි වරකා වෘක්ෂය (Artocarpus heterophyllus – ‘Pani Waraka’)
Read more
වැලි අනෝදා වෘක්ෂය (Annona reticulata)
Read more
නමිනම් වෘක්ෂය(Cynometra cauliflora)
Read more
ජම්බු වෘක්ෂය(Syzygium samarangense)
Read more
නෙල්ලි වෘක්ෂය (Phyllanthus emblica)
Read more
කොස් වෘක්ෂය (Artocarpus heterophyllus)
Read more
මා දං වෘක්ෂය (Syzygium cumini)
Read more
පඬු කරඳ වෘක්ෂය (Pongamia pinnata / Millettia pinnata)
Read more
කලටිය වෘක්ෂය (Glycosmis pentaphylla)
Read more
ඇඹිල්ල වෘක්ෂය (Antidesma alexiteria)
Read more
ලාවුළු වෘක්ෂය (Pouteria campechiana)
Read more
නිල් වෙරළු වෘක්ෂය (Vitex trifolia)
Read more
මී අඹ / ඇටඹ වෘක්ෂය (Mangifera zeylanica)
Read more
කොතල හිඹුටු වෘක්ෂය (Salacia reticulata)
Read more



















